මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්
(අ) ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.
(ආ) වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය.
අයදුම්පතක් ලබා ගැනීම
- අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී
- වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී
- පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති
ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ.
මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.
- සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1 ආකෘති පත්‍රය (සුදු පාට හෝ සුදු පාටට හුරු)
- අයදුම්කරු වයස අවු. 50 ට අඩුනම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය
- අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන අයදුම්කරුවකු සඳහා උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයෙහි සඳහන් වර්ෂයෙහි ජුලි මස පළමු දිනයයි.
- අයදුම්කරුගේ වයස අවු. 50 ට වැඩිනම් ද, උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක්ඉදිරිපත් කළ යුතුය.
- පාසල් හැරයාමේ සහතිකය.
- බෞතිස්ම සහතිකය.
- අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
- උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස
- ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
- වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
- ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
- වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
- ජන්ම පත්‍රය (හඳහන)
- විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපත.
- අයදුම්කරු විවාහක කාන්තාවක් වන විට ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
- 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5 ක්
- මුද්දර ගාස්තු:
- වයස අවුරුදු 17 ට අඩු අයදුම්කරුවන් සඳහා රුපියල් 3.00 ක් වටිනා මුද්දර
- වයස අවුරුදු 17 ට වැඩි අයදුම්කරුවන් සඳහා රුපියල් 13.00 ක් වටිනා මුද්දර
- තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
- පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
- ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
හැදුනුම්පත සංශෝධනය කිරීම
හැඳුනුම්පතක අන්තර්ගත කරුණු සංශෝධනය සඳහා හෝ පළුදු වී ඇති හැදුනුම්පතක් වෙනුවෙන් නව හැඳුනුම්පතක් ලබාගැනීම
- අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී
- වතු පදිංචි කරුවන් අදාල වතු අධිකාරී
- සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.08 ආකෘති පත්‍රය (රෝස පාට හෝ රෝස පාටින් අකුරු මුද්‍රිත)
- දැනට භාවිත කරන හැඳුනුම්පත
- 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්
- රුපියල් 15 ක් වටිනා මුද්දර
- දැනට භාවිත කරන හැඳුනුම්පතේ සඳහන් නම, උපන්දිනය හා අදාළ විස්තර වෙනස් වී හෝ අපැහැදිලි නම්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ අනුමාන වයස් සහතිකය හෝ ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන ඉදිරිපත් කළ යුතුය. (ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් ඉදිරිපත් කරන විට ඒ සමග උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කල යුතුය).
- පාසල් හැරයාමේ සහතිකය.
- බෞතිස්ම සහතිකය.
- අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
- උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස
- ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
- වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
- ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
- වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
- ජන්ම පත්‍රය (හඳහන)
- විවාහක කාන්තාවක්, තම ස්වාමි පුරුෂයාගේ නම ඇතුළත් කිරීම සදහා ඉල්ලා සිටී නම් විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.
- දැනට භාවිත කරන හැඳුනුම්පතේ අංකය අපැහැදිලි නම් එම අංකය භාවිතා කළ බවට සනාථ වන ලියකියවිලි (රියදුරු බලපත්, ගුවන් ගමන් බලපත්‍රවල සහතික කළ පිටපත්, පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපතක්, බැංකු පාස්පොත)
- තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
- පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
- ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
- උපැවිදි බව ලබා ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා ගැනීම
නැතිවීම හේතු කොටගෙන හැඳුනුම්පතක අනුපිටපතක් ඉල්ලීම
- අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී
- වතු පදිංචි කරුවන් අදාළ වතු අධිකාරී
- සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි. 7 ආකෘති පත්‍රය (කොළ පාට හෝ කොළ පාටින් අකුරු මුද්‍රිත)
- හැඳුනුම්පත නැතිවූ බවට පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත (මාස 06 ක් නොඉක්මවු )
- 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්
- රු. 15 ක් වටිනා මුද්දර
- උප්පැන්න සහතිකය, අනුමාන වයස් සහතිකය හෝ ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් වල මුල් පිටපත්.
- පාසල් හැරයාමේ සහතිකය.
- බෞතිස්ම සහතිකය.
- අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
- උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස
- ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
- වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
- ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
- වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
- ජන්ම පත්‍රය (හඳහන)
- තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම්ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතික ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපත ඉදිරිපත් කළ යුතුය.
- නැතිවූ හැඳුනුම්පතෙහි අංකය භාවිතා කළ බවට සනාථ කෙරෙන ලියකියවිලි උදා. බැංකු පාස් පොත, ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපත වැනි ලේඛනවල සහතික කළ පිටපත්
- පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
- ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- කතෝලික පූජකවරුන් අදාල පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
උපැවිදි බව ලබා ඇත්නම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය
එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම
එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම.
හදිසි අවශ්‍යතාවයන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් එක් දිනක් තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවයක් 2003.09.01 දින සිට ආරම්භ කර ඇත. මේ සඳහා එක් අයදුම්පතක් වෙනුවෙන් රු. 500 ක රජයේ අනුමත ගාස්තුවක් අය කරනු ලැබේ.
අයඳුම්පත් සහතික කිරීම.
- අයදුම්කරු පදිංචි වසමේ ග්රාමනිලධාරි වරයා හා ප්‍රාදේශීය ලේකම් වරයා
- වතු අධිකාරි (වතු පදිංචිකරුවන්)
- පාසල් අයදුම්කරුවන් අදාල පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවෙනාධිපති හිමි (මුල් වරට හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා)
අයඳුම්පත් භාර ගැනීම.
- වයස අවු 20ට අඩු මුල්වරට හැඳුනුම්පතක් ලබා ගන්නා අයදුම්කරුවන්ගේ
- පැරණි හැඳුනුම්පත සංශෝධනය කර ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ
- දෙපාර්තමේන්තු ලේඛන කඩිනමින් සොයා ගත හැකිවන, නැතිවූ හැඳුනුම්පත් සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ගේ
හැඳුනුම්පත් නිකුත් කිරීම
මෙම සේවයට අයදුම්පත් යොමු කිරීමට හා හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම්කරු පැමිණීම අනිවාර්ය වන නමුත් එසේ පැමිණිය නොහැකි අවස්ථාවන්හි දී ඥාතීත්වය තහවුරු කරන ලේඛනයක් ඇති පවුලේ සාමාජිකයෙකුහට (මව/පියා/දරුවන්/ස්වාමියා/බිරිඳ) හෝ අයදුම්කරු විසින් බලය පැවරූ ලිපියක් ලබාදුන් අයකුට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත.
නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
- ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
- උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත හැක.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- පියා
- මව
- උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
- භාරකරුවන්
- උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.
ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
- වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- පතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
- වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- ශ්‍රී ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
- උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- භාරකරු
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළ යුතු ලියවිලි,
- නිවැරදිව නම් කරන ලද ප්‍රකාශය
- උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
- විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත් ලියාපදිංචි කරවා ගත හැක.
ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075
කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම
- උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
- උනන්දුවක් දක්වන ඕනෑම අයකු
- මව්පියන්ගෙන් කෙනෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
- විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
- උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
- උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
- පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
- ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
- වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
- මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
- අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
- රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
- ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
- ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
- පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
- සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
- පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
- රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
- ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
- තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.
උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම
- උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
- 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
- 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
- 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
- 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
- මව්පියන්ගේ විවාහ සහතිකය
- දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
- පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය
ළමයෙකූ දරුකමට හදා ගැනීම
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
- ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
- ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
- දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
- අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
- විවාහක පාර්ශව විසින් (ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
- දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
- එම ආඥාව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
- දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- මව්පියන්ගේ විවාහ සහතිකය
- මවගේ සහ පියාගේ උප්පැන්න සහතික
- දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
















